Search
Close this search box.

බ්‍රසීල තානාපති Jorge Geraldo Kadri මහතා අද (13) වන දින කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී හමුවිය.

.මෙහිදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ නව තාක්ෂණයේ බාවිතාවන් පිළිබදව සාකච්ඡා කරන ලදී.තාක්ෂණය වානිජ කෘෂිකර්මාන්තයට එකතු කර ගැනීමට බ්‍රසීලයෙන් සහය ලබා දීමට තානාපතිවරයා එරට සමග සාකච්ඡා කරන  බවත් ප්‍රකාශ කලේය.

“බ්‍රසීල තානාපති කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත හමුවෙයි.”

බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම ඝර්ම කලාපීය රටවල් වන අතර, දෙරට අතර සමානකම් දක්නට ලැබේ. ලෝකයේ ප්‍රධානතම කෘෂිකාර්මික නිෂ්පාදකයෙකු සහ අපනයනකරුවෙකු වන බ්‍රසීලය, ගෝලීය ආහාර සැපයුම් ජාලය තුළ ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. විශාල භූමි ප්‍රමාණය, විවිධ දේශගුණික කලාප සහ දියුණු කෘෂි තාක්‍ෂණය බ්‍රසීලයේ කෘෂිකර්මාන්තයේ සාර්ථකත්වයට ප්‍රධාන හේතු වේ.

සෝයා බෝංචි කෝපි උක් දොඩම් බඩ ඉරිඟු ගව මස් සහ කුකුළු මස් බ්‍රසීලයේ ප්‍රධානම අපනයන කාන්ඩ අතර ගැනේ. බ්‍රසීල කෘෂිකර්මාන්තයේ සුවිශේෂී ලක්ෂණ ලෙස

සෙරාඩෝ කලාපයේ 1970 දශකය වන තෙක් වගාවට නුසුදුසු යැයි සැලකූ බ්‍රසීලයේ මධ්‍යම තැනිතලා ප්‍රදේශය පසට හුණු එකතු කිරීම සහ නව බෝග ප්‍රභේද හඳුන්වා දීම මගින් ලොව සරුසාරම කෘෂිකාර්මික කලාපයක් බවට පත් කර ඇත.

මහා පරිමාණ ගොවිපළවල් බහුල බැවින් අස්වනු නෙළීම, පොහොර යෙදීම සහ වගා නඩත්තුව සඳහා නවීන යන්ත්‍රෝපකරණ, චන්ද්‍රිකා තාක්‍ෂණය උක් වගාවෙන් නිපදවන එතනෝල් බ්‍රසීලයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන ඉන්ධනයක් ලෙස භාවිතා වන අතර, එය පරිසර හිතකාමී බලශක්ති විසඳුමක් ලෙස ප්‍රචලිතය.

බ්‍රසීල රජයේ කෘෂිකාර්මික පර්යේෂණ ආයතනය වන EMBRAPA මගින් නිවර්තන දේශගුණයට ඔරොත්තු දෙන නව බෝග ප්‍රභේද හඳුන්වා දීම කෘෂිකාර්මික විප්ලවයට විශාල පිටිවහලක් විය.

මෙහිදී බ්‍රසීල තානාපතිවරයා පවසා සිටියේ දෙරට අතර කෘෂිකාර්මික සුබසාධනය පවත්වාගෙන යා හැකි බවයි. ඉදිරියේදී ශ්‍රී ලංකාව සමඟ ගව පාලනය සම්බන්ධ ව්‍යාපෘතියක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද තානාපතිවරයා සඳහන් කළේය. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සම්පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට බ්‍රසීලය කැමැත්තෙන් සිටින බව තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පොළවට හානියක් නොකර වගා කිරීමේ තාක්ෂණය බ්‍රසීලය තුළ ඉතා ඵලදායීව යොදා ගන්නා බවත්, එම තාක්ෂණය ලංකාවට  වැදගත් වන බැවින් ඒ සම්බන්ධයෙන්  අවශ්‍ය දැනුම බෙදා ගැනීමට බ්‍රසීලය කැමැත්තෙන් සිටින බව ද මෙහිදී සඳහන් විය. කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය අතින් ඉදිරියෙන් සිටියත් ශ්‍රී ලංකාව කිරි කර්මාන්තය අතින් තරමක් දුර්වල බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අපේ ජාතික කිරි නිෂ්පාදනයෙන් දේශීයව සපුරා ගත හැකි වී තිබෙන්නේ 38%ක් පමණි. එම නිසා කිරි නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

දේශපාලනික වශයෙන් රටවල් දෙක අතර යහපත් සම්බන්ධතාවයක් ඇති බවත්, ආර්ථික වශයෙන් එම සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව බ්‍රසීලය සමඟ සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට ඉතාම කැමැත්තෙන් සිටින බවයි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ මහතා ද එක් විය.

Translate »