Search
Close this search box.

“අත්‍යවශ්‍ය ආහාර රැසක බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ”

මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ අද (13) සිට මෙම බදු අඩු කිරීම බලාත්මක වන බවය..

මෙහිදී, උම්බලකට සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 202 බදු රුපියල් 10 දක්වාද ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 100ක බදු මුදල රුපියල් 10 දක්වා ද, අඩු කිරීමට පියවර ගෙන ඇති අතර,කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා පනවා තිබූ කිලෝග්‍රෑමයට වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දද රුපියල් 50 දක්වා අඩු කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්.

Translate »