Search
Close this search box.

ලෝක සෞඛ්‍ය සමුළුව ජිනීවා හි දී

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භක උළෙල අද (18) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී පැවැත්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතා සමුළුව නිල වශයෙන් විවෘත කිරීමට නියමිත  අතර සමාජික රටවල් 194ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වේ.

මෙවර සමුළුවේ තේමාව “One world for Health” යන්නයි. මෙම තේමාව යටතේ ගෝලීය සෞඛ්‍ය අභියෝග, වසංගත සඳහා සුදානම සහ විශ්ව සෞඛ්‍ය ආවරණය පිළිබඳව පුළුල්ව සාකච්ඡාවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ  සභාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙවර සමුළුවට සහභාගී වී සිටින අතර ඒ මහතා අද සමුළුව ඇමතීමට ද නියමිතය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙවර සමුළුවට සහභාගී වී සිටී.

Translate »