“දන්සල් වෙත ජනතාව යොමුකරවීමට බෞද්ධ කොඩිය භාවිතයෙන් වළකින්න”
– බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන)
දන්සල් පැවැත්වීමේදී ජනතාව ඒ සඳහා යොමුකරවීමට බෞද්ධ කොඩි භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩි මින් ඉදිරියට භාවිත කළයුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මහතා රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් සඳහා අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසීය.
.මීට අදාළ චක්‍රලේඛය ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව නිකුත් කර ඇතිබවද අසේල මධුසංඛ මහතා පැවසීය.