Search
Close this search box.

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

 අද (15) උදෑසන 9.30ට නිකුත් කර ඇති එම නිවේදනයට අනුව,බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා එය හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන අතර,ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බවත්, එම පද්ධතිය, ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.

මෙහිදී මි. මී. 150 ක පමණ ඉතා තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකි බවත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  මෙහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ගතවූ පැය 24 තුළ මි.මී 175.0ක වැඩිම වැස්ස අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සදහන්.

Translate »