“දිස්ත්රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම– ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය”
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව අද (11) රාත්රී 9.00 දක්වා අදාළ බල පැවැත්වීම ක්රියාත්මක වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර සිටින අතර, බව එම සංවිධානය සඳහන් කළේය.ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ පස්සර, කුරුණැගල දිස්ත්රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්රික්කයේ නාවුල, අඹන්ගඟ කොරලේ, රත්තොට, මොනරාගල දිස්ත්රික්කයේ බඩල්කුඹුර, වැල්ලවාය, රත්නපුර දිස්ත්රික්කයේ ගොඩකවෙල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙස දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර සිටී.