“බලශක්ති ඇමති සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති”
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.
ගල්අඟුරු ආනයනයේදී හා ඒ ආශ්‍රිත විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියා සිදුවී තිබේද යන්න විමර්ශනය කිරීම සඳහා අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබූ අතර එහිදී බලශක්ති අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇත්තේ එම කොමිසමේ අපක්ෂපාතී හා ස්වාධීන ක්‍රියාවලියට සහාය පළ කිරීමට බව සඳහන්.