Search
Close this search box.

සිංහරාජ කුඩව පිවිසුම දින 6ක් වසා තැබේ

ලෝක උරුම සිංහරාජය වනයේ කුඩව ප්‍රධාන පිවිසුම හෙට(10) සිට එළඹෙන 15 වෙනිදා දක්වා දින හයක්, නව අවුරුදු නිවාඩුව හේතුවෙන් වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්යාලය පවසා සිටි.

සුපුරුදු පරිදි එළඹෙන 16 වනදා සිට සංචාරකයන් සඳහා සිංහරාජ වනාන්තරයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය යළි විවෘත කෙරෙන බවත්, ඉහත සඳහන් දිනවලදී වනාන්තරය නැරඹීමට කුඩව පිවිසුමෙන් සංචාරකයන්ට පැමිණීමට හැකියාවක් නොමැති බවත්, සිංහරාජය වන පාලක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටී.

Translate »