Search
Close this search box.

කුවේට් එයාවේස් ගුවන්සේවය කොළඹ දක්වා නැවතත් ගමන් අරඹයි

මැදපෙරදිග යුධමය වාතාවරණය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ සිය ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු එළඹෙන 15 දින සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව කුවේට් එයාවේස් ගුවන් සමාගම විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටි.

මැදපෙරදිග යුධමය වාතාවරණය හේතුවෙන් 2026 පෙබරවාරි 28 දින සිට කුවේට් එයාවේස් ගුවන් සමාගමේ ‍මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුවූ බවත්, ඉන්පසු 2026 මාර්තු 02 දින සිට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කළ ද ඒ වන විට ද තිබූ අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සිදු නොවුණු බවත් එම තත්ත්වය යටතේ 2026 මාර්තු 31 දින මඟීන් 241ක් රැගත් විශේෂ ගුවන් යානාවක් ‍ කුවේට් සිට කොළඹ බණ්ඩාරණායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවත් කුවේට් එයාවේස් ගුවන් සමාගම සඳහන් කර සිටී.

මේ වන විට ඇති වී තිබෙන යුධමය වාතාවරණය සළකා බලමින් නැවත කුවේට් එයාවේස් ගුවන් සමාගම කොළඹ දක්වා වූ සිය ගුවන් මෙහෙයුම් 2026 අප්‍රේල් 15 දින සිට ආරම්භ කිරීමට නිල වශයෙන් තීරණය කර ඇති බවත්, ඒ තුළින් ශ්‍රී ලංකාව හා කුවේට් රාජ්‍යය අතර ගුවන් සම්බන්ධතාවය ශක්තිමත් කරමින් සංචාරක සේවා අවශ්‍යතාවය සපුරාලීමට අවස්ථාව උදා වනු ඇති බවත් කුවේට් එයාවේස් ගුවන් සමාගම සඳහන් කර සිටි.

නවතම ගුවන් ගමන් කාලසටහන සහිතව කුවේට් එයාවේස් ගුවන් සමාගම විසින් මාධ්‍ය නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Translate »