Search
Close this search box.

ඉන්ධන මිල ඉහළට

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ  සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

එම නිවේදනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 303ක් වේ.මෙහිදී සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දමා ඇත.එහි නව මිල රුපියල් 353ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි. 

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල, රුපියල් 365කි.ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක් ලෙස සඳහන්.

මෙහිදී ලංකා භූමිතෙල් මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර,එහි නව මිල රුපියල් 195ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙහිදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සාපේක්ෂව IOC ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව සඳහන්.

Translate »