Search
Close this search box.

ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් අද සිට වෙළෙඳපොළට

ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් අද (23) සිට නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට අද සිට කටයුතු කරන බව ලිට්රෝ සමාගම සඳහන් කළ අතර, ඊයේ(22) දින ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණි බවත්, ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බවත්, සදහන් කළේය. 

මෙහිදී සමාගම  වැඩිදුරටත් සඳහන් කර සිටියේ තවත් ගෑස් නෞකා 02ක් ලබන 25 සහ 28 යන දිනවල දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවය.

Translate »