Search
Close this search box.

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි..

වෙළඳපොළ ඉල්ලුමේ අනපේක්ෂිත වැඩිවීම හේතුවෙන්  ගෑස් සැපයුමට යම්කිසි බාධාවක් ඇති බව පවසන ලිට්‍රෝ  ගෑස් සමාගම, ඒ සම්බන්ධයෙන් කිසිදු අනවශ්‍ය කලබලයක් ඇති නොකර ගන්නා ලෙස එම නිවේදනයේ සඳහන්

මෙහිදී සමාගම  වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වනවිටත් අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග ඇනුම් කර ඇති බවත්, ඒ අනුව සැපයුම් තවදුරටත් ස්ථාවර කිරීම පිණිස මෙම මස අවසන් වීමට ප්‍රථමයෙන් ගෑස් නැව් තුනක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවය.

පෙබරවාරි 17 සහ 18 යන දිනවල ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.

Translate »