Search
Close this search box.

මහ කන්නයේ වී මිල ප්‍රකාශයට පත් කරයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී 2025- 2016 මහා කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලට අනුව අදාළ මිල ගණන් රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ.  පින්නලන්ද  මහතා කියා සිටියේ, කීරී සම්බා වී කිලෝවක මිල රුපියල් 140 කට ද, සම්බා වී කිලෝවක මිල රුපියල් 130කටද, නාඩු වී කිලෝවක මිල රුපියල් 120කටද, මිලදී ගැනීමට නියමිතව ඇති බවය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින්  පින්නලන්ද මහතා කියා සිටියේ, මෙවර වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කර ඇති බවය.

Translate »