“මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි”
මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (13) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි නිවසේදී තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, ඒ මහතා කලක් රෝගාතුරව සිටි බවද සඳහන්.
මියයන විට 91 වන වියෙහි පසුවූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, අමාත්‍ය වරයකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් ද හොබවා තිබේ.1974 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සංවිධානය සහ ශ්‍රී ලංකා කොම්යුනිස්ට් පක්ෂයේ විවිධ තනතුරු හොබවා ඇති බව සඳහන්.