Search
Close this search box.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට පත්වෙයි

ඊයේ (12) වැනි දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියේ ඇතිවූ හදිසි දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව, එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා සෙරෙන්බෝනා මාධ්‍ය ජාලයට පැවසීය.

මේ හේතුව නිසා තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කර ඇති බවත්,ඒ අනුව ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවී ඇති බවත්, ගමන් බලපත්‍ර, එක්දින ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතු ද මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවත්, කරුණාදාස මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

Translate »