“විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි”
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සේවාවන් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්වූ වහාම කටයුතු කරන බවත්,
මේ වනවිටත් ඊට අවශ්‍ය සියලු කටයුතු කරමින් සිටින බවත්,ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් සදහන් කර සිටී.