“කොළඹ නගර සභා සීමාව තුළ ආදාහනය සහ භූමදානය නොමිලේ”
කොළඹ මහ නගර සභා සීමාව තුළ පදිංචිකරුවන්ගෙන් අය කරන ආදාහන සහ භූමදාන ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට මහ නගර සභා රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තාවේ.
සභිකයන්ගේ අදහස්වලට අනුව නගරාධිපතිනිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් පැවති විවාදයේදී මෙම යෝජනාවට සියලුම දෙනාගේ කැමැත්ත හිමි වී ඇති බව සඳහන්.
මෙතෙක් ගාස්තු වශයෙන් රුපියල් දසදහසක මුදලක් අය කර තිබූ බවද, මේ නිසා අඩු ආදයම්ලාභීන් දැඩි පීඩාවකට පත්ව සිටි බවද, වාර්තාවේ.
මේ අනුව, කොළඹ මහ නගර සභා සීමාවේ සේවාලාභී පදිංචිකරුවන් සඳහා බොරැල්ල, ජාවත්ත, මාදම්පිටිය සහ කිරුළපන යන සුසාන භූමිවල, ආදාහන සහ භූමදාන සඳහා අය කරන ගාස්තු සම්පූර්ණයෙන් ම නිදහස් වේ.