“සාමාන්‍ය පෙළ උපකාරක පංති පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම්”
ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.
. මෙහිදී විභාග ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා ඇතුළු ප්‍රචාරණ කටයුතු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් සිදු කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීම ද අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම ද සපුරා තහනම් වේ.
අදාළ නීති උල්ලංඝණය කරන ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට හෝ ළඟ ම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටි.