හා සංවිධානාත්මක අපරාධ වැලක්වීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇති බවද සදහන් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ඉහළ නැංවීමට ඉමහත් සේවයක් කළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කළ බව පොලීසිය සදහන් කරයි.
“ASP ඕලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ තනතුරට”
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා විසින් ප්‍රධාන පෙළේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දේශීය සහ අන්තර්ජාතික පොලිස් මෙහෙයුම් රාශියක් මෙහෙයවා ඇති අතර, ඔහු විසින් ඉතා සාර්ථක අන්දමින් මෙහෙය වන ලද පොලිස් මෙහෙයුම වන්නේ,කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් කණ්ඩායමක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගැනීමය.
රොහාන් ඕලුගල මහතා, මෙම තණතුරට අමතරව විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මුලු දිවයිනම ආවර්ණය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්තඩංගුවට ගැනීම හා සංවිධානාත්මක අපරාධ වැලක්වීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇති බවද සදහන්.