“ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවා සඳහා තෝරාගත් ශ්‍රී ලාංකිකයන්ට පෙර දැනුවත් කිරීමේ වැඩ සටහනක්”
ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවා සඳහා තෝරාගත් ශ්‍රී ලාංකිකයන් 259 දෙනෙකු ඊශ්‍රායලයට පැමිණීමට සූදානම් කරනු ලබන පෙර දැනුවත් කිරීමේ වැඩ සටහන ඊයේ(21) දින පවත්වනු ලැබූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සෙරෙන්බෝනා මාධ්‍ය ජාලයට පැවසීය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ අතිරේක සාමාන්‍යධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා හා කාර්යය මණ්ඩලය මෙන්ම ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධක අංශයේ උපදේශක නිල්මිණි අබේගුණවර්ධන මහත්මිය ද එක්ව සිටි බවත්,මෙම කණ්ඩායම ඉදිරි සති දෙක තුළ ඊශ්‍රායලයට පැමිණීමට නියමිතව ඇති බවත්, නිමල් බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.