“කඩුගන්නාව තවමත් අවදානම් – NBRO කියයි”
තවමත් ගල් පෙරළීමේ අවදානමක් කඩුගන්නාව ප්‍රදේශයේ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කර සිටි.
මෙහිදී සේනාධීර මහතා සදහන් කර සිටියේ, ඊයේ (10) කඩුගන්නාව ප්‍රදේශයේ ගල් පෙරළීමක් වාර්තා වූ ස්ථානයට ඉහළින් තවත් ගල් රැඳී තිබීමට ඉඩ ඇති බැවින් ඒවා පහළට පෙරළී ඒමේ අවදානමක් පැවතිය හැකි බවය..
මෙම තත්ත්වය හේතු කොට ගෙන අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව පවතින තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිය යුතු බවට ආචාර්ය වසන්ත සේනාධීර මහතා ඔහු වැඩිදුරටත් සදහන් කර සිටී.