Search
Close this search box.

සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මෙම ප්‍රතිඵල doenets.lk සහ results.exams.gov.lk යන වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකි අතර,මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටි බවත්, ඊට අදාළ විභාගය මධ්‍යස්ථාන 3,547ක් පැවැති බවත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ජුනි මස 25 වෙනිදා සිට ජූලි මස 07 වෙනිදා දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Translate »