Search
Close this search box.

නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුමින් සන්නද්ධ කෙරේ

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන දැනුවත් කිරීමේ 2026 වසරේ පළමු වැඩසටහන අද දින (20) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයේදී සිදුකරන ලදී.

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමනය කිරීමේ එකම ආයතනය ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇති කාර්යභාරය ඉටුකරමින්, යහපත් විදේශ රැකියා ක්ෂේත්‍රයක් බිහිකිරිමේ අරමුණින් කටයුතු කරන කාර්යාංශය, මෙම වැඩසටහන සිදුකිරීම මගින් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන ක්ෂේත්‍රය පිළිබඳව දැනුමින් සන්නද්ධ කිරීමට බලාපොරොත්තු වේ. ඒ හරහා ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයාගේ සුබසිද්ධිය මෙන්ම බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන වල යහපැවැත්ම සඳහා අවස්ථාව උදාකිරීම මෙම වැඩසටහනේ පරමාර්ථය වේ.

මෙහිදී, විදේශ රැකියා ලියාපදිංචිය, රැකියා අනුමැති ලබාගැනීම, විදේශ රැකියා සඳහා අවශ්‍ය පුහුණුව, පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධ නීතිය හා තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, මූල්‍ය ක්‍රම, කාර්යාංශ වෙබ් අඩවිය හා තොරතුරු තාක්ෂණ පද්ධතිය, විදේශ තානාපති කාර්යාල ක්‍රියාවලිය, කාර්යාංශ බලපත්‍ර අංශයට සම්බන්ධ බලපත්‍රලාභින්ට අදාළ වන චක්‍රලේක යනාදී වූ විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවලට අවශ්‍ය වන දැනුම ලබාදීම සිදුකරන ලදී.

කාර්යාංශයේ බලපත්‍ර අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට නව විදේශ රැකියා බලපත්‍ර ලබාගත් සහ බලපත්‍ර අළුත් කරන ලද විදේශ රැකියා නියෝජිතායතන 50ක බලපත්‍රලාභීන් හා කාර්ය මණ්ඩලය 100 දෙනෙකු සහභාගී වූ අතර, මෙහි සම්පත් දායකයන් ලෙස කාර්යාංශයේ විවිධ අංශ නියෝජනය කරමින් ඉහළ කළමනාකාරීත්වය සහ කාර්යාංශ නිළධාරීන් සම්බන්ධ විය.

Translate »