“අවධානයෙන් ඉන්න– කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව”
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී 10.1N, 82.5E ආසන්නයේ පවතින බවත්, මෙම පද්ධතියේ බලපෑම හේතු කොට ගෙන, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත්, දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, තද සුළං ඇති වී, මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් සඳහන්.
මෙහිදී අද(11) දින නිකුත් කළ දත්ත මත පදනම්ව ඉදිරි පැය 48 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාවක් නොමැති බවත්, මෙම නිවේදන පිළිබඳ සහ අනාවැකි පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවන් ඇතුළු ජනතාවට දැනුම් දෙන බවත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.