Search
Close this search box.

පෙට්‍රල් වාහන සඳහා හෙට මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය ක්‍රියාත්මකයි

පෙට්‍රල් වාහන සඳහා හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මෙහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසා සිටියේ පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය වන බවය.

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය 11 වැනි දින සිට හෙට දිනය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR රමවේදය  තාවකාලිකව සැලකිල්ලට නොගැනීමට පියවර ගනු ලැබූ බවත්, ඔත්තේ ඉරට්ටේ ක්‍රමය සැලකිල්ලට ගැනීමට එහිදී තීරණය වූ බැවින් ඩීසල් වාහන සඳහා QR ක්‍රමය එළෙසින්ම ක්‍රියාත්මක කිරීමට එහිදී පියවර ගත් බවත්,ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය සක්‍රීය කිරීමට පියවර ගත් බවත්,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙහිදී පැවසීය.

Translate »