Search
Close this search box.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අද

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14). 

නැකත් සීට්ටුවට අනුව අලුත් අවුරුද්ද උදාවන්නේ අද පූර්වභාග 09.32ට බව සඳහන්.සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුදු උදාව ලෙස සලකනු ලබයි.

මෙහිදී අලුත් අවුරුදු උදාවට පෙර පුණ්‍ය කාලය ආරම්භ වේ. එය අද (14) පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වා පවතිනු ඇති අතර, එම කාලය තුළ සියලු වැඩ අත්හැර, ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය වන බවද, පුණ්‍ය කාලයේ අපර කොටසේදි ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම ආදි නැකත් චාරිත්‍රවල යෙදීම සුදුසු බවද සඳහන්.

මෙහිදී ආහාර පිසීමේ නැකත පූර්වභාග 10.51ට යෙදී ඇති අතර, රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද, කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගතයුතු බව නැකත් සීට්ටුවේ සඳහන්..

නැකත් සීට්ටුවට අනුව වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ අපරභාග 12.06ට වන අතර,රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව සඳහන්.

Translate »