Search
Close this search box.

“අලුත් අවුරුදු නැකැත් සීට්ටුව”

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස  14 වෙනි අඟහරුවාදා පූර්ව භාග (09.32) සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග  (03.08) සිට එදිනම අපරභාග (03.56) දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 03.08 ට පළමුවා ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

අප්‍රිල් මස 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග (10.51 )ට රත්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා ලිප් බැඳ ගිලි ගිනි මොළවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වෙනි අඟහරුවාදා අපරභාග (12.06 )ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභව කිරීම මැනවි

Translate »