Search
Close this search box.

අලුත් අවුරුද්දට CTB යෙන් අමතර බස් රථ සේවාවක්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරම්භ කර ඇති විශේෂ බස් රථ සේවාව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා පවසයි.

මෙහිදී කොළඹ සිට දුර පළාත් සඳහාත්, දුර පළාත් වල සිට කොළඹ දක්වාත්, අදියර දෙකක් යටතේ මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව ඉකුත් 08 වැනි දින සිට එළැඹෙන 13 වැනි දින පස්වරුව දක්වා අඛන්ඩව කොළඹින් පිට පළාත් සඳහා විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වන අතර, එළැඹෙන 15 වැනි දින සිට අප්‍රේල් 21 වැනි දින දක්වා පිට පළාත් වල සිට කොළඹ දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වන බව කනගරත්න මහතා සඳහන් සඳහන් කර සිටි.

Translate »