“අලුත් අවුරුද්දට සුරාසැල් වැහෙන දවස්”
අලුත් අවුරුදු සමය හේතුකොටගෙන මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්රලත් ස්ථාන වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් 13 සහ 14 යන දෙදින දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බවත්, මෙහිදී මෙම කාල සීමාව තුළ සිදුවන සුරා අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත ක්ෂණික ඇතුම් අංකය වන 1913 දුරකථන අංකය භාවිත කරන ලෙසත් දන්වා සිටි.