Search
Close this search box.

ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට යටත්ව සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙහිදී ජනාධිපති ට්‍රම්ප් විසින් මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර,එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වහාම ක්‍රියාත්මක වෙන පරිදි සම්පූර්ණයෙන්ම, සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතු බවය.

ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි

එමෙන්ම මෙම සටන් විරාමය, දෙපාර්ශවයටම බලපාන ” ද්විපාර්ශ්වික සටන් විරාමයක්” (Double sided ceasefire) ලෙස හඳුන්වා දී ඇති අතර,

මෙහිදී සති දෙකක කාලසීමාවකට යටත්ව අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙළීම අත්හිටුවීමට යෝජනා කර ඇති බව සඳහන්.

Translate »