“උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සේවා ගාස්තු ඉහළට”
උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුන්ගේ සේවාවන් සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද (08) සිට ඉහළ නැංවූ බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති, අකිල ජයරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටි.
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හා වැට් බද්ද හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවත්, ඒ අනුව මැයි මාසයේ සිට නව ඇණවුම් සඳහා 15% – 20%ත් අතර ප්‍රමාණයකින් ගාස්තු ඉහළ යා හැකි බවත්, දැනට ඇණවුම් කරන ලද සේවාවන් සඳහා 10%ක මිල වැඩි කිරීමක් සිදුකරන බවත් මෙහිදී අනාවරණය විය.
මෙහිදී සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියේ, භාණ්ඩ මිල ගණන් ඉහළ යාම නිසා තම කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවය.