Search
Close this search box.

ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

 එම නිවේදනයට අනුව අත්‍යවශ්‍ය සේවාලාභීන්ට පමණක් හෙට (08) දින සිට එක්දින සේවය මගින් ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාලවල ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත්,රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සඳහා ලබා දෙන ජාතික හැඳුනුම්පත් තොරතුරු සත්‍යාපනය කිරීම හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කිරීම ඇතුළු අනෙකුත් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන බවත්, අදාළ ආයතන ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රමවේද අනුගමනය කිරීමට කටයුතු කළ යුතු බවත්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙහිදී ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවා කටයුතු නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොවන අතර, පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් වූ පසු සියලු සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Translate »