“අමාත්‍ය ලාල්කාන්ත ගේ රුව යොදා ගනිමින් සමාජ මාධ්‍යවල සිදු කරනු ලබන අසත්‍ය ප්රචාරයට එරෙහිව CID යට පැමිණිල්ලක්”
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ රුව යොදා ගනිමින් සමාජ මාධ්‍යවල මේ දිනවල අසත්‍ය පුවතක් සංසරණය වෙමින් පවතී. විශේෂයෙන් කිසිදු පදනමක් නොමැති අසත්‍ය පුවත් සහ චායාරූප නිර්මානය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරමින් පවතී.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(07) දින අමාත්‍යතුමාගේ උපදෙස් මත අමාත්‍ය වරයාගේ මාධ්‍යලේකම් ප්‍රසන්න රාජනායක මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදු කර මෙම අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත.