“පාස්කු ඉරුදින අදයි”
ලොව පුරා කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් යුතුව සමරනු ලබන පාස්කු ඉරු දිනය(05)අදයි.
ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් ලොව පුරා කිතුනු ජනතාව පාස්කු ඉරිදා දිනය ඉමහත් භක්තියෙන් යුතුව සමරනු ලබයි.
සකල ලෝක වර්ගයා පාපයෙන් මුදවා ගැනීම සඳහා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින තුනකට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍ය ලෙස කිතුනු ජනතාව සමරනු ලබයි. ජේසුස් වහන්සේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිගන්වමින් කිතුණු ජනතාව විවිධ වත් පිළිවෙත් සිදුකරමින් ගතකළ දින 40ක කාලයද පාස්කු ඉරු දිනයෙන් අවසන් වනු ඇත.