ජේසුන් ක්‍රිස්තුන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදයි.
අළු බදාදා දිනයෙන් ඇරඹුන චතාරික කාලය තුළ යාච්ඤා, උපවාස සහ පුණ්‍ය ක්‍රියා කටයුතු සිදු කරමින් එය මෙනෙහි කළ කිතුණු බැතිමතුන්, අද දිනයේදී දේවස්ථානවල පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්ට එක්වනු ඇත.
“මහ සිකුරාදා දිනය අදයි”
ජේසුන් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරමින් නියමිත වත්පිළිවෙත් ඉටු කිරීමට කිතුණු බැතිමතුන් අද දින කටයුතු කරන අතර ඊට සමගාමීව කතෝලික දේවස්ථානවල පැය තුනක දේව මෙහෙයක් පැවැත්වෙනු ඇත.
කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයට අනුව,මහසිකුරාදා දිනට පසු උදා වෙන ඉරිදාවේ ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථානය වූ බව සඳහන්.