“ලෝක බෞද්ධ සාම සම්මේලනය හයිද්‍රාබාද්හි දී”
2026 වසරේ ලෝක බෞද්ධ සාම සම්මේලනය සුප්‍රසිද්ධ බුද්ධවනම් ව්‍යාපෘතිය සමග එක්ව ඉංදියාවේ තෙලඟනා ප්‍රාන්තයේ අගනුවර වන හයිද්‍රාබාද්හි දී පසුගියදා (27) උත්සවාකාරයෙන් පැවැත්විණ .
මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගි වූ අතර ඉංදීය රජය වෙනුවෙන් තෙලඟනාහි සංචාරක සංස්කෘතික හා පුරාවිද්‍යාව පිළිබඳ අමාත්‍ය ගරු ජුපල්ලි ක්‍රිෂ්ණා රාඕ සහ විද්වත්තු රැසක් සහභාගි වූහ.
සමුළුවේ ලේකම් පදවිය හෙබවූයේ ලෝ ප්‍රකට විද්වත් ආචාර්ය තිච් නාත් තු නම් වියට්නාම් තෙරුන්වහන්සේ ය. ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පී ශ්‍රී ගගන් මලික් කටයුතු කළේ ය. රටවල් 23 ක පර්‍යේෂකයන් සිය පත්‍රිකා ඉදිරිපත් කළ අතර අමාත්‍යවරයා සමග පූජ්‍ය අග්‍රහැරේ කස්සප හිමි හා සිද්ධි විනායක් සිනේ ආර්ට්ස් පදනමේ සභාපති කෞෂල්‍යා වික්‍රමසිංහ මෙණෙවිය සහභාගි වූහ.