Search
Close this search box.

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, කුඩාව වෙරළ ප්‍රදේශයේ 2026 මාර්තු මස 31 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙණ භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන භාණ්ඩ ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා ඇති මුහුදු තීරය ආවේක්‍ෂණය කරමින් අඛණ්ඩව මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල භාණ්ඩ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් 2026 මාර්තු මස 30 වැනි දින කල්පිටිය, කුඩාව වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැකකටයුතු පාර්සල් දහතුනක් (13) පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම පාර්සල් තුල තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙන කජු කිලෝග්‍රෑම් එකසිය හැත්තෑවක (170) පමණ තොගයක්, සබන් කැට එකසිය අසුවක් (180), එනසාල් කිලෝග්‍රෑම් අනුවක (90) පමණ තොගයක්, කෘමිනාෂක දියර පුරවන ලද කුඩා බෝතල් එකසිය හැට නවයක් (169) සහ දිලීර නාශක ද්‍රව්‍ය බහාලන ලද පාර්සල් අනුවක් (90) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

එමෙන්ම, වෙරළ තීරයන් ආවරණය වන පරිදි නාවික හමුදා විසින් සිදු කරනු නිරන්තර නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් මෙම භාණ්ඩ තොගය ගොඩ බිමට රැගෙන ඒමට නොහැකිව එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ අතර, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Srilanka Nevy

Translate »