“තැපැල් දෙපාර්තමේන්තුව නමින් සිදුවෙන මහා පරිමාණ වංචාවක් ගැන හෙළිදරව්වක්”
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කර සිදුකරමින් යන වංචාවක් පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ, දෙපාර්තමේන්තුවේ නිල අඩවිය සහ නාමය අවභාවිත කරමින් ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබා ගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල Online Payment ක්‍රමය හරහා බැංකු කාඩ්පත්(Debit/Credit Card) භාවිතයෙන් ගෙවීමට පාරිභෝගිකයින් ඉලක්ක කරන Phishing Scam ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
මෙම වංචනික ක්‍රියාවලිය යටතේ පාරිභෝගිකයින් විසින් Payment Gateway හරහා තම බැකු කාඩ්පත් විස්තර ඇතුළත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කර ගැනීම මෙහිදී සිදු කරනු ලබන බවද බවද තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද එම නිවේදනයේ සඳහන්.
මේ පිළිබඳව අගතියට පත්වූ හා අදාළ කෙටි පණිවුඩ ලද මහජන පැමිණිලි බොහොමයක් ලැබී ඇති බවත් මෙම Phishing Scam පිළිබඳව මීට පෙර පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත්, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.
මේ හේතුවෙන් මහජනතාව මෙම වංචාකාරී කෙටි පණිවිඩ සහිත සබැඳි (SMS Links) ව්‍යාජ වෙබ් අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් නොහඳුනන Links මත Clicl නොකරන ලෙසත් තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශ්ව පුද්ගලයින් හෝ වෙබ් අඩවි වෙත ලබා නොදෙන ලෙසත් තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටි.