“හෙට පළාත් කිහිපයකට දැඩි උණුසුමක්”
බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුර-මැද පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශයන්හි අද (31) මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඊයේ (30) ප.ව. 3.30ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙන අතර , මෙය උපරිය වායුගෝලීය තත්ත්වයක් නොවන බව එම නිවේදනයේ සඳහන්.