Search
Close this search box.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.

එම නිවේදනයට අනුව මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් හෙට (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත්, අවශ්‍ය සියලු ලේඛන රැගෙන අදාළ කාර්යාල වෙත පැමිණීමෙන් හැඳුනුම්පත් ලබා ගත හැකි බවත්, සඳහන්.

2026 මාර්තු 31 වැනි අඟහරුවාදා දින සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලයන්හි සුපුරුදු පරිදි එක්දින සේවය ක්‍රියාත්මක වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙහිදී වැඩිදුරටත් දන්වා සිටි.

එමෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සඳහා ලබාදෙන ජාතික හැඳුනුම්පත් තොරතුරු සත්‍යාපනය කිරීම හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කිරීම ඇතුළු අනෙකුත් සියලුම සේවාවන් සීමා සහිතව පවත්වා ගෙන යනු ලබන බැවින් අදාළ ආයතන ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රමවේද අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසට දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරන අතර, ඒ අනුව, ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවය / පෙරටු කාර්යාලය ක්‍රියාත්මක වන්නේ 2026 අප්‍රේල් 06වැනි සඳුදා දින සිට බවත්, පද්ධතිය නැවත යථාවත් වූ පසු සියලු සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Translate »