“ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්න– ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති”
පවතින වියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටි.
මෙහිදී චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පවතින වියළි කාලගුණය තවදුරටත් පැවතුනහොත් ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවිය හැකි බැවින්, හැකි සෑම අවස්ථාවකදීම ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවය.