Search
Close this search box.

භූතානයේ සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් කින්ලි වන්ග්චුක් (Kinley Wangchuk) මහතා සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා අතර හමුවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ දී  පැවැත්වින.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර පළමුවරට ද්වීපාර්ෂවික ගුවන්සේවා ගිවිසුමකට ප්‍රවේශ වීම පිළිබඳ සාකච්ඡාවක්

දෙරට අතර ගුවන් ගමන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම ඔස්සේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් සිදුකල හැකි දායකත්වය මෙන්ම දෙරට අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදි ඉහළ අවදානයක් යොමුවිය. ඒ වෙනුවෙන් වැදගත් වන දෙරට අතර ද්වීපාර්ශවික ගුවන්සේවා ගිවිසුමකට එළඹීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කල අතර ඒ වෙනුවෙන් අවශ්‍ය මූලික කටයුතු සඳහා එළඹීමෙන් පසු රේඛීය අමාත්‍යාංශය වන වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ඉදිරි කටයුතු සිදුකිරීමට දෙපාර්ශවයේ එකඟතාවය පලකෙරිණ

මේ වන විට මැදපෙරදිග කේන්ද්‍ර කරගනිමින් උද්ගතව ඇති යුධමය වාතාවරණය හමුවේ ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයට අත්වී ඇති බලපෑම අවම කරගනිමින් දකුණු ආසියානු කලාපය තුල ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ ගුවන් කර්මාන්තය අඛණ්ඩව ඉදිරියට පවත්වාගැනීම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගුවන් නිරුපද්‍රිතතා රෙගුලාසි කපිතාන් ලසන්ත දහනායක, අධ්‍යක්ෂ –  ගුවන් ප්‍රවාහන සහ ආර්ථික නියාමන අසංග ලියනආරච්චි යන මහත්වරුන් සහ භූතාන සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද එක්විය.     

Translate »