Search
Close this search box.

බස් ගාස්තුව ඉහළට

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටී.

මෙහිදී රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අවසන් ගාස්තුව ලෙස පැවති රු 2,159 බස් ගාස්තුව රු 2,422ක් දක්වා රු 263කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

නියමිත බස් ගාස්තුව පමණක් මගීන්ගෙන් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවකයින්ට දැනුම් දෙන අතර, නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් ගාස්තු අයකරන අය සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත්, නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් ගාස්තු අය කරනු ලැබුවහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත්කිරීමට හැකියාව ඇති බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටි.

Translate »