Search
Close this search box.

ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.

 ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක්ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර, එහි නව මිල රුපියල් 443ක්ද වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර සිටි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල, රුපියල් 455 ක්ද,ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් ද වන බව සඳහන්.

 මෙහිදී ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 255ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් සඳහන් කර සිටි.

Translate »