“රාමසාන් උත්සවය අදයි”
ඉස්ලාම් බැතිමතුන් විසින් මහත් හරසරින් යුතුව සමරන රාමසාන් උත්සවය අදයි (21)
නව සඳ දිස් නොවීම හේතුවෙන් දින 30ක ශුද්ධ වූ රාමසාන් උපවාස කාලය නිමකර රාමසාන් උත්සවය සැමරීම මෙලෙස අද සිදු කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනු ලැබීය.
ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන අල් කුරානයේ නියම කර ඇති පරිදි උපවාස ශීලය අවසන් කෙරෙන දිනය රාමසාන් දිනය ලෙසින් සැලකෙන අතර, රාමසාන් උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කරනු ලබන්නේ ඉස්ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයා දර්ශනය වීම අනුව බව සඳහන්.
මෙහිදී මසක් පුරා උපවාස ශීලය රැකීමෙන් දිළිඳු ජනතාවගේ කුසගින්න අවබෝධ කරගැනීම මෙන්ම, අසරණ දිළිඳු ජනතාවට ආහාරපාන හෝ ඒවා මිලදී ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කිරීමද සිදු කරනු ලබයි.