බෙදුම්කරුවන්ට ඉන්ධන බෙදාහැරීම හෙට සහ අනිද්දා යන දිනවලත් සිදුකරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසා සිටි.
මෙහිදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ මහතා පවසා සිටියේ හෙට(21) සහ අනිද්දා(22) දිනවල පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්,
“හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමට කිසිම තීරණයක් අරගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ”
සෙනසුරාදා දිනයේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබෙන බවට මේ වන විට පුවතක් සංසරණය වන බවත්, එයට පාදක වී ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව සෑම මසකම එක් සෙනසුරාදා දිනයක් ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබීම වන බව ද නෙත්තිකුමාරගේ මහතා පවසා සිටි.
මෙහිදී මෙම පවතින තත්ත්වය විශේෂ අවශ්‍යතාවයක් වීම හේතුකොටගෙන මෙම සෙනසුරාදා රාත්‍රියේ දී QR කේතය නැවත සැකසීම සිදුවන බැවින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවෘතව පවතින බවද, යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඉරිදා දිනයේ වුවද තෙල් බෙදා දීමේ කටයුතු සිදුකිරීමේ හැකියාව ඇති බවද, එය කිසිදු ගැටලුවක් නොවන බවද, නෙත්තිකුමාරගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
සෙනසුරාදා දිනයේ තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට තොග පර්යන්ත සමාගම ද තීරණය කර ඇති බව පැවසූ නෙත්තිකුමාරගේ මහතා, පැවසීය. මේ හේතුවෙන් පාරිභෝගිකයින්ට අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවද, සඳහන් කළේය.