“QR ලියාපදිංචියට විශේෂ WhatsApp අංකයක්”
ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය රථවාහන හිමියන් සදහා විශේෂ WhatsApp අංකයක් හඳුන්වාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කටයුතු කර ඇත.
මෙහිදී ලිංයාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයින්ට 076 000 19 19 යන WhatsApp අංකය වෙත වාහනයේ අංකය යොමු කිරීමෙන් පවතින ගැටළු නිරාකරණය කර ගත හැකි බවත්, ඒ සඳහා ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් වලංගු ආදායම් බලපත්‍රය සහ වාහන ලියාපදිංචි සහතිකය ද යොමු කළ යුතු බවත්, මේ සඳහා ඉල්ලුම් කිරිමේදී වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණක් සුදුසුකම් ලබන බවත්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කර සිටි.
මෙහිදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩි දුරටත් කියා සිටියේ, ලබා දෙන සියලුම තොරතුරු සහ පෞද්ගලික දත්ත, 2022 අංක 9 දරණ පෞද්ගලික ආරක්ෂන පනතට අනුකූලව ආරක්ෂා කරන බවය.