“නීතිවිරෝධී ඉන්ධන නිකුත් කිරීම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග”
ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විශේෂ දුරකථන අංකයන් ස්ථාපිත කර ඇති අතර, එම අංක වෙත අදාළ තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දුරකථන අංක: 0112106767, 0117296130