“සෑම බදාදා දිනයක්ම රජයේ සේවකයින්ට නිවාඩු”
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (18) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කර සිටි.
මෙහිදී කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, වැඩ කරන අනෙකුත් සතියේ දින 4දී කොපමණ සේවකයින් සංඛ්‍යාවක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න පිළිබඳව තීරණය ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට පූර්ණ අවසරය ලබා දී ඇති බවත්, පාසල් සහ විශ්වවිද්‍යාල එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයට ද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට තීරණය කර ඇති බවත්, සෞඛ්‍ය, වාරාය, ජලය සහ රේගුව වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බවත්ය.
රජය විසින් කරනු ලැබූ මෙම තීරණය, පෞද්ගලික අංශයටත් අදාළ කර ගැනීමට කටයුතු කරන ලෙසට වාණිජ මණ්ඩලයෙන් සහ ලංකා සේවක සම්මේලනයෙන් ද ඉල්ලීමක් කළ බව කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් පැවසීය.