“සෑම බදාදා දිනකම රජයේ පාසල් නිවාඩු”
–අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්– නාලක කලුවැව-
උද්ගතව පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නාලක කලුවැව මහතා පවසයි.
මෙහිදී නාලක කලුවැව මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ඊයේ(16) දිනයේ දී රජය විසින් රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලශක්තිය සුරැකීම සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සෑම බදාදා දිනයක්ම රාජ්‍ය ආයතන සඳහා නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයට අනුගත වෙමින් කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම ජාත්‍යන්තර පාසල්, සියලුම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලට තමා කාරුණිකව දන්වා සිටින බවය.